ඇඳිරි නීතිය ලිහිල් වෙන්නේ මෙහෙමයි
Saturday, 18 April 2020 - 18:51 | Views - 4,334

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ අරමුණ සහිතව ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සඳුදා (20) සිට මෙය ක්‍රියාත්මක වනු ඇති.
කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳීරි නීතිය සඳුදා (20) උදෑසන 5ට ඉවත් කර එදිනම රාත්‍රී 8ට යළි පැනවීමට නියමිතයි.
ඉන් පසු නැවත දැනුම්දෙන තෙක් මෙම දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනු ලබන්නේ රාත්‍රි 8 සිට පසුදා අලුයම 5 දක්වායි.
මහනුවර, කෑගල්ල, සහ අම්පාර දිස්ත්‍රීක්වල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුල ඇඳිරි නීතිය ඉවත් කිරීමකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම දිස්ත්‍රික් 3ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳූදා සිට සෑම දිනකම උදෑසන 5ට ඉවත් කර රාත්‍රි 8ට යළි පැනවීමට නියමිතයි.
කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට හැර සෙසු ප්‍රදේශවලට 22වන බදාදා උදෑසන 5ට ඇඳිරි නීතිය ඉවත් කර රාත්‍රී 8ට යළි පැනවීමට නියමිතයි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල, කොච්චිකඩේ, සීදූව, - පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලායක් ලෙසට හඳුනා ගත හොත් එම ප්‍රදේශ සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇති බවයි.
කිසියම් ප්‍රදේශයක් හුදෙකලා ප්‍රදේශයක් ලෙසට නම් කර ඇත්නම් කිසිවෙකුට හෝ ඊට ඇතුලුවීම සහ ඉන් පිටව යාම සම්පූර්ණයෙන් තහනම් වනවා.
ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට අවස්ථාව පවතිනවා.
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම ඇතුලු අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් බවයි අවධාරණය කෙරෙන්නේ.
දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුලු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා.
Share This Article