කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන්, මේ වනිවට පුද්ගලයින් 154, 266 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම අදාළ වෛරසය මේ වනවිට පුද්ගලයින් 2,25,790 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මෙම වෛරස් ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවල් වසා දැමීමට පියවර ගනු ලැබුවා.
ස්වීඩනයේ කුමරියක වන සොෆියා කොරෝනා වෛරසයට එරෙහිව සිදු කරන සටනට මේ වනවිට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇය රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමග සේවයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.
එරට පැවැති තෙදින හෙද පුහුණුවකට ද ඇය සහභාගී වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
නිරූපිකාවක වන ඇය දෙදරු මවක් ද වනවා.
මේ වනවිට ස්වීඩනයේ කොරෝනා ආසාදිතයින් 13,216 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් ජීවික්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 1,327 ක්.


