ට්‍රම්ප්ගේ දැඩි තීරණ නිසා, ඇමරිකාවේ හිරවුණු බ්‍රිතාන්‍ය රජපවුලේ හිටපු සාමාජිකයාට දැන් අත්ව ඇති ඉරණම
Saturday, 18 April 2020 - 15:11 | Views - 5,347
ලෝකයක්ම කැළඹූ කොරෝනා අර්බුදය, බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාක්ල්ටත් යන එන මං නැති කළ‍ බව දැනටමත් ඔබ දන්නවා ඇති.
 
මේ සියල්ල සිදු වෙමින් පවතින අතරේ, මේ යුවළ මාර්තු 31 වැනිදා නිල වශයෙන් රාජකාරි අවසන් කරනවා.

හැරී සහ මේගන් කැනඩාවෙන් ඇමරිකාවට එන්නේ, "කොරෝනා" ගැන කතාබහ තරමක් අඩුවෙන් පැවති කාලයක යි.
 
අවසානයේ කොරෝනා ගෝලීය වසංගතයක් වෙද්දී, ඇමරිකාවටත් අඟුළු දැම්මම, තාඩන පීඩන මැද්දේ හැරීටත්, මේගන්ටත්, ආචී පුතාටත් ඇමරිකාවේ නවතින්න සිද්ධ වුණා.
 
කොහොම වුණත්, මේ කතාව "කොරෝනා" ගැන කතාවක්ම නෙවෙයි. මේ කරදර මැද්දේ සමාජය වෙනුවෙන් ඔවුන් කරපු දෙයක් ගැනයි.
 
හැරී කුමරු සහ මේගන් මාක්ල්, ඇමරිකාවේ, ලොස් ඇන්ජලීස් හි බරපතල රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ආහාර ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.
 
හැරී හා මේගන් යුවළ මීට පෙර සිට, ලොස් ඇන්ජලීස් හි අහාර බෙදා දීම සිදු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
මෙහි විශේෂයෙන් දැකගත හැකි වුණේ, අඩි 6 ක් හෝ ඊට වැඩි දුරක් තබා ගනිමින් මෙම යුවළ සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් වෙස්මුහුණු සහ අත්වැසුම් පැළඳ සිටිමයි.
 
මෙම කටයුතු නිම වීමත් සමඟම හැරී සහ මේගන් යුවළ, ඔවුන්ගේ පුත් ආචී සමඟ නිරෝධායනයෙහි යෙදී සිටින බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත්, හැරී කුමරු රජ පවුලෙන් ඈත් වීමත් සමඟ මෙවන් ජීවිතයකට හුරු වීම අපහසු වී ඇති බවයි ඔහුට සමීප මිතුරෙකු පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබුණේ.
 
එමෙන්ම, තමන්ගේ රට කිසිදු දිනෙක හැරී, මේගන්ට ආරක්ෂාව සලසන්නෙ නැති බව ද ට්විටර් පණිවුඩයක් තබමින් ලෝක බලවතා කියා තිබුණා. ඊට පිළිතුරු සැපයූ හැරී සහ මේගන් කියා තිබුණේ තමන්ට කිසිදු දිනෙක ඇමරිකාවේ ආරක්ෂාව අවශ්‍ය නොමැති බවයි.
 
(Dailymail ඇසුරිනි.)


Prince Harry and Meghan Markle hailed as 'incredible' after ...
Meghan Markle and Prince Harry spend two days delivering food to ...
Prince Harry And Meghan Markle Volunteer To Deliver Meals In L.A. ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top