කොරෝනා මර්දනය කිරීම සඳහා ප්‍රතිශක්තිය වර්ධනය ඉන්දියාව බහුකාර්ය එන්නතක් අත්හදා බලයි
Saturday, 18 April 2020 - 14:11 | Views - 666

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 14,378 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 480ක් ද සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ බහුකාර්ය එන්නතක් ඉන්දියාව විසින් අත්හදා බලන බව වාර්තා වනවා.
ලාදුරු රෝගයට එරෙහිව සාර්ථකව යොදාගෙන ඇති එම එන්නත අත්හදා බලන්නේ ඉන්දියාවේ විශාලතම වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින්.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා තවත් වසරක් පමණ ගත වනු ඇති.
කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් රෙම්ඩෙසිවිර් නැමති පර්යේෂණාත්මක ඖෂධයක් අත්හදා බලන බව ද වාර්තා වනවා.
එමගින් කොරෝනා වෛරස් ආසාදිතයන් කඩිනම් කඩිනම් සුවය ලබන බවයි ඇමරිකානු මාධ්‍ය සඳහන් කළේ.
එබෝලා වෛරසයට එරෙහිව යොදා ගනු ලැබුව ද සාර්ථකත්වයක් පෙන්නුම් නොකළ එම ඖෂධය සාස් සහ මර්ස් යන කොරෝනා වෛරස් ප්රභේදයන්ට එරෙහිව ද යොදා ගනු ලැබූවක්.
රෙම්ඩෙසිවිර් ඖෂධයේ හැකියාව පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පසුගිය පෙබරවාරියේ දැනුවත් කිරීමක් සිදුකළා.
ඇමරිකානු චිකාගෝ සරසවියේ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රකාශ කරන පරිදි එම ඖෂධයෙන් ප්‍රතිකාර කළ කොවිඩ් -19 ආසාදිතයන් බහුතරයක් දින 6ක කාලයක් තුළ සුවය ලබා ඇති බව සඳහන්.
Share This Article