දිනක් තුළ PCR පරීක්ෂණ 695ක් සිදුකරයි
Saturday, 18 April 2020 - 10:43 | Views - 585
ඊයේ(17) දිනයේ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 695ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
මේ අතර,අවසන් වරට හමුවූ කොරෝනා ආසාදිතයන් 6 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක සිටි පවුල් දෙකකට අයත් සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article