අප්‍රේල් 20න් පසු පොදු ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන හැටි
Saturday, 18 April 2020 - 10:12 | Views - 5,301
අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් සුපුරුදු පරිදි පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
කොරෝනා වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩකටයුතු මේ මස 20 වනදායින් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව මෙම කටයුතු සිදුවන බවයි අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article