ප්‍රංශ යුද නෞකාවක කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් දහසක්
Saturday, 18 April 2020 - 9:50 | Views - 816
ප්‍රංශයට අයත් චාල්ස් - ඩි - ගෝල් ගුවන් යානා හාරක යුද නෞකාවේ නැවියන් දහසකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැන් අනාවරණ වී තිබෙනවා.

නෞකාවේ සිටි 2300කට අධික නැවියන් අතරින් 1081 දෙනෙකුට වෛරසය ආසාදනයවී ඇති අතර තවත් 300කගේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිත බව සඳහන්.

එම ආසාදිතයන් අතරින් 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

තවත් 545 දෙනෙකුගේ ආසාදන තත්ත්වය අධීක්ෂණයට ලක් කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම යුද නෞකාව පසුගිය මාසයේ ප්‍රංශයේ බ්‍රෙස්ට් අත්ලාන්තික් වරායට පැමිණි අතර, අවදානම් තත්ත්වය නොතකා නැවතත් සයුරු සංචාරයක නිරත වුණා.

ප්‍රංශ මාධ්‍ය චෝදනා කළේ චාල්ස් - ඩි - ගෝල් නෞකාවේ ඇති වී තිබෙන්නේ ඇමරිකානු තියඩෝර් රූස්වෙල්ට් යුද නෞකාවට සමාන තත්ත්වයක් බවයි.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ඇමරිකානු යුද නෞකාවේ කපිතාන්වරයා තත්ත්වය විවේචනය කරමින් ආධාර ඉල්ලා නාවික හමුදා ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් හේතුවෙන් ඔහු තනතුරෙන් පහ කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top