වසා දමා ඇති ප්‍රාන්ත විවෘත කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දෙයි
Saturday, 18 April 2020 - 9:46 | Views - 1,654
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දමා ඇති ප්‍රාන්ත විවෘත කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී තිබෙනවා.

ඒ, අදාළ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාමාර්ගවලට අනුකූලවයි.

කෙසේ නමුත්, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සීමාවන්ට එරෙහිව ප්‍රාන්ත 3ක පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ අවදානය යොමු වී තිබෙනවා.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ ඩිමොක්‍රටික් පාලනය සහිත එම ප්‍රාන්ත නිදහස් කිරීමට පියවර ගත යුතු බවයි.

ප්‍රාන්ත නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් පරීක්ෂණ කට්ටල පවතින බව උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ වසා දමා ඇති රටවල් නැවත විවෘත කිරීමේදී පරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවයි.

මේ අතර, එක්සත් රාජධානිය කොරෝනා වෛරසය සඳහා වූ නව එන්නතක් අත්හදා බැලීමට පියවර ගෙන ඇති අතර, පර්යේෂණ ව්‍යාපෘති 21ක් සඳහා මුදල් වෙන් කර තිබෙනවා.

ජර්මනිය ප්‍රකාශ කළේ තම රටේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති අතර එක් ආසාදිතයෙකුගෙන් තවත් එක් පුද්ගලයෙකුට වැඩියෙන් ආසාදනය වීමට ඉඩ වළක්වා ඇති බවයි.

රුසියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද මේ වන විට 32,000 ඉක්මවා ඇති අතර මරණ 273ක් ද වාර්තා වනවා.

 රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවා ඇත්තේ පරීක්ෂණ උපකරණ ප්‍රමාණවත් ලෙස නොමැති දුරස්ථ ප්‍රදේශ මේ නිසා දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

වෛරසයේ ව්‍යාප්තිය මොස්කව් නුවරට පමණක් සීමා වී නොමැති බව ද ඔහු අවධාරණය කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top