ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කළොත්,ඇඳිරි නීති බලපත්‍ර අවලංගුයි
Saturday, 18 April 2020 - 7:56 | Views - 599
ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට නීති මගින් කටයුතු කිරීමට අමතරව, අදාළ ඇඳිරි නීති බලපත්‍රය අවලංගු කිරීමට ද කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ මධ්‍යහ්න 12 සිට පස්වරු 6 දක්වා තවත් 526 දෙනෙකු වාර්තා වුණා.
එම කාලසීමාව තුළදී රථ වාහන 174 ක් ද තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව මේ වනවිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 31,157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 8066 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ සිදුකරන වැටලීම් ඉහළ නංවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
Share This Article