ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි
Friday, 17 April 2020 - 18:23 | Views - 1,094
ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 76 වන වියේ පසුවූ ඔහු කලක සිට රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා.
1969 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සෙයිලම වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැසකට දායකත්වය ලබා දුන්නා.
දයා තෙන්නකෝන් ටෙලි නාට්‍යය මෙන්ම, වේදිකා නළුවෙකු සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස ද ප්‍රකට කලාකරුවෙක්.
මේ දිනවල හිරු ටී.වී ඔස්සේ විකාශය වන හතේ කල්ලිය ටෙලි නිර්මාණය ඇතුලු අප ආයතනයෙන් නිශ්පාදනය කළ ටෙලි නිර්මාණ කිහිපයකටම ඔහු දායක වෙමින් සිටියා.
Share This Article