මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 242 දක්වා ඉහළට, සුවය ලැබූ රෝගීන් ගණන 77ක්
Friday, 17 April 2020 - 18:06 | Views - 827
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි.
අද (17) දිනයේදී ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යංශය කියා සිටියේ.
මේ අතර කොරෝනා ආසාදනයව සිටි තවත් පුද්ගලයින් හත් දෙනෙකු පූර්ණ සුවය ලබා සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 77 ක් වනවා.
කොරෝනා ආසාදනයවී මෙරට තුළදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 07 ක්.
Share This Article