උගුර, කන, නාසය පිලිබඳ ගැටළු ඇති රෝගීන්ට සුබ ආරංචියක්
Friday, 17 April 2020 - 13:24 | Views - 1,634
රෝගියා අසලට නොගොස් ඔහුගේ උගුර,කන සහ නාසය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් සමත් වී තිබෙනවා.

සාමාන්‍ය ආකාරයට රෝගියෙකුගේ උගුර,කන සහ නාසය නිරීක්ෂණය කිරීමේදී වෛද්‍යවරයා ඔහු හෝ ඇය අසලටම යාම සිදු කළ යුතු වනවා.

මෙම තත්ත්වය නිසා යම් රෝගියෙකු සතු විෂබීජ, වෛද්‍යවරයා වෙත ආසාධනය වීමේ ප්‍රවනතාවය වැඩි බව විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් සදහන් කළා.

වෛද්‍ය රිශ්වි සකාෆ් විසින් නිෂ්පාදනය කර ඇති නව උපකරණයේ ඇති කැමරාව තුළින් රෝගියාගේ උගුර,කන හෝ නාසය ඇතුළත පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.
 
එමෙන්ම නිරීක්ෂණයේදී ලබා ගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශණ උපකාරී කරගෙන රෝගියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා උපදෙස් ලබා ගැනීම පවා කළ හැකි බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.
 
නව උපකරණය බිත්තියකට සවි කිරීම තුළින් රෝගියා සහ වෛද්‍යවරයා අතර ඇති දුරස්ථ භාවය තව දුරටත් රදවා ගත හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළා.
 

මෙවැනි උපකරණයක් මෙරට හෝ විදෙස් රටක මෙතෙක් නිෂ්පාදනය කර නොමැති බවත්,සැතපුම් කීපයක් දුර සිට හෝ රෝගියෙකු නිරීක්ෂණය කිරීමේ උපකරණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තමන්ට ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
 
මෙම උපකරණය තුළින් තම රෝහලට පැමිනෙන රෝගීන්ට කඩිනමින් ගැටළුවකින් තොරව ප්‍රතිකාර කිරීමට හැකියාව පවතින බවද හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි කියා සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top