ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ජනපතිගේ අවධානය
Friday, 17 April 2020 - 9:39 | Views - 11,461

කොරෝනා වෛරස් වසංගතය නිසා අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට ආර්ථිකය යළි පණගැන්වීම පිණිස සැලසුම් කළ උපාය මාර්ගය රජය විසින් මේ සති අන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අවධාරණය කළේ.
රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊට අදාළ සාකච්ඡාවක් පැවති අතර, ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
රාජකාරි කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡා කෙරුණා.
ජනතාව ඒකරාශී වීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යෑමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුලු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේදී ඊට අවශ්‍ය සහය අමාත්‍යාංශ වෙතින් ලබාදීමට ක්‍රියාකරන ලෙස ජනාධිපතිවරයා ලේකම්වරුන්ට දැනුම්දී තිබෙනවා.
Share This Article