කොරෝනා රෝගීන් වෙනුවෙන් දිවි පිදූ බි‍්‍රතාන්‍ය ගැබිණි හෙදියගේ දියණියගේ දිවි බේරේ
Friday, 17 April 2020 - 8:54 | Views - 726
කොරෝනා රෝගයෙන් මියගිය තරුණ බි‍්‍රතාන්‍ය ගැබිණි හෙදියකගේ දරුවා බේරා ගැනීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු සමත්වී තිබේ.
 
බි‍්‍රතානයේ ලූටන් හි ඩන්ස්ටබල් රෝහලේ සේවය කල 28 හැවිරිදි ගැබිණි හෙදියක වූ මේරි අගේයිවා අගයපොන් හට කොරෝනා රෝගය වැලඳුනේ ඇය රෝහලේ සේවයේ යෙදී සිටියදීය. ඇය ඒ වන විට මෙම රෝහලේ අවුරුදු පහක්ම හෙදියක ලෙස සේවය කර තිබුනි.
 
ඒ අනුව වහාම ඇයව එම රෝහලටම ඇතුලත් කරන ලද අතර ඇගේ තත්වය තේරුම්ගත් වෛද්‍යවරු වහාම හදිසි සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කරන්නට කටයුතු කළහ.
 
කොරෝනා රෝගය හැර වෙනත් කිසිදු රෝගයක් නොතිබුණු මේරි දරුවා ප‍්‍රසුතකර දින දෙකකට පසුව මිය ගියාය.ඇය බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය සේවාවේ කොරෝනා ආසාධිතවී මියගිය 45 දෙනාගෙන් එක් අයෙකි.එයින් වැඩිම පිරිස හෙදියන්ය.
 
මේරිගේ සැමියාද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර ඇගේ බිළිඳු දියණිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් රෝහලේ පසුවන්නීය.
 
මෙම සිඟිති දියණියටද මේරි යනුවෙන් නම් තබා ඇති අතර ඇය වෙනුවෙන් එහි හෙදියන් ආරම්භ කර ඇති විශේෂ ආධාර ගිණුමකට මේවන විට පවුම් විසිදහසක මුදලක් එකතුවී තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top