සල්ලි වෙනුවට, හාල් එන ATM යන්ත්‍රයක් වියට්නාමයේ, ව්‍යවසායකයකු සහ නව නිපැයුම්කරුවකුන් විසින් සතියේ සෑම දිනකම, දවසේ ඕනෑම වේලාවක සහල් ලබාගත හැකි ස්වයංක්‍රිය යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා.
කොවිඩ් වසංගතය නිසා රටේ කටයුතු අකර්මන්‍ය වීමෙන් ජීවිකාව අහිමි වි සිටින ජනතාව හට මෙම යන්ත්‍රය මගින් නොමිලේ සහල් ලබාගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට තුළ මාර්තු 15 දිනෙන් ආරම්භ වූ සමාජ දුරස්ථකරණය නියමය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර සියල්ලම පාහේ බිඳ වැටී තිබෙනවා.
මේ හේතුවෙන් රැකියා අහිමි වූ පුද්ගලයන් ගණන දස දහස් ගණනක් බවයි වාර්තා වන්නේ.
නොවෑන් තුවාන් අන් විසින් නිර්මාණය කරන ලද මෙම යන්ත්‍රය හරහා එක් වාරයකදී සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට දවසකට නොමිලේ, කිලෝග්‍රෑම් 1.5ක් ලබාගත හැකියි.
එසේම මෙම පහසුකම අවභාවිත වීම වළක්වනු පිණිස එම යන්ත්‍ර අසල නිරීක්ෂකයෝ රඳවා ඇති බව ද සදහන්.
මෙවැනි වර්ගයේ යන්ත්‍ර හැනෝයි, හුවේ සහ දැනං යන විසල් නගරවල ද සවි කරනු ලැබ ඇති බව ද වියට්නාම රාජ්‍ය මාධ්‍ය පවසනවා.
වත්මන් ආර්ථික අර්බුදය නිසා රටේ කිසිවකු කුසගින්නේ නොතැබීම සිය අරමුණ බවයි මෙම යන්ත්‍රවල නිර්මාණ ශිල්පියා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර වියට්නාමය තුළ කොරෝනා ආසාදිතයින් 268 දෙනෙකු හදුනාගෙන ඇති අතර එරට කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

