ලෝක බලවතුන් තවදුරටත් අසරණ කරමින් කොරෝනා වෛරසය තම රෝග ලක්ෂණ වෙනස් කළ හැටි
Friday, 17 April 2020 - 8:23 | Views - 3,022
මේ වෙනකොට ලෝකයම කතා කරන්නේ කොරෝනා ගැන. කොරෝනා වෛරසය පිළිබඳව දිනපතා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරින් ඔබව දැනුවත් කරනු ලබනවා.
 
විශේෂයෙන්ම "කොරෝනා-වල රෝග ලක්ෂණ මොනවාද" යන්න ඔබ දැනටමත් දන්නවා ඇති.

එය එසේ වුවත්, ලොව පුරා පර්යේෂණවේදීන් දිනෙන් දින කොරෝනා වෛරසය පරීක්ෂණයට භාජනය කරමින් එහි සැඟවුණු අන්තරායන් සෙවීමට අසීරු උත්සහයක යෙදෙනවා.
 
SSM Health හි වෛද්‍යවරු පිරිසක් මේ සම්බන්ධයෙන් සොයා ගැනීම් කිහිපයක් සිදුකර ඇති අතර එහි ප්‍රධාන වෛද්‍ය කෙවින් ලුවිස්, (Dr. Kevin Lewis) ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණා.
 
"පිරිමින් කාන්තාවන්ට වඩා රෝගී වන්නේ ඇයි? සමහර ජාතින් අනෙක් ජාතීන්ට වඩා රෝගී බවක් පෙනෙන්නේ ඇයි?"
 
ඔක්ලහෝමා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මේ දක්වා රෝගීන්ගෙන් 70.4% ක් සුදු ජාතිකයින් බව හෙළිදරව් වී තිබෙනවා.
 
වැඩිහිටි වයස් කාණ්ඩවල සිටින අය සහ පෙර පැවති තත්ත්වයන් තවමත් අවදානමට ලක්ව ඇති බව ද වෛද්‍යවරයා විසින් සඳහන් කර තිබෙනවා.
 
එමෙන්ම, රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට දිගින් දිගටම වෙනස් වන අතර සෑම විටම ශ්වසන රෝග සමඟ සම්බන්ධ නොවන බව ද සඳහන්.
 
වෛද්‍ය ලුවිස් පැවසුවේ සමහර විට ඒවා හෘද සංකූලතා, ශරීර කැක්කුම, උදරයේ ගැටළු, වමනය සහ උගුරේ අමාරුව පවා ඇතිවිය හැකි බවයි.
 
එමෙන්ම, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන පුද්ගලයින් ද වසංගතය තුළ හමුවීම අභිරහසක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
"කොවිඩ් 19 උණක් නෙවෙයි, එය ශිත කාලවලදී වඩාත් සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් සහිතයි.."
 
"අප දැනගන්න ඕනි දේ, මේක මෙච්චර ඉක්මනට බෝ වෙන්නෙ කොහොමද කියන එක?? වෛරසයේ පැවැත්ම දිගු වන්නේ, ඒක වාතයේ ජලබිඳිති ලෙස වැඩි කාලයක් පැවතීම හේතුවෙනුයි..."
 
"ඒකේ ආකෘති දිනපතාම පාහේ වෙනස් වෙමින් පවතිනවා.."
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top