මේ වෙනකොට ලෝකයම කතා කරන්නේ කොරෝනා ගැන. කොරෝනා වෛරසය පිළිබඳව දිනපතා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරින් ඔබව දැනුවත් කරනු ලබනවා.
විශේෂයෙන්ම "කොරෝනා-වල රෝග ලක්ෂණ මොනවාද" යන්න ඔබ දැනටමත් දන්නවා ඇති.
එය එසේ වුවත්, ලොව පුරා පර්යේෂණවේදීන් දිනෙන් දින කොරෝනා වෛරසය පරීක්ෂණයට භාජනය කරමින් එහි සැඟවුණු අන්තරායන් සෙවීමට අසීරු උත්සහයක යෙදෙනවා.
SSM Health හි වෛද්‍යවරු පිරිසක් මේ සම්බන්ධයෙන් සොයා ගැනීම් කිහිපයක් සිදුකර ඇති අතර එහි ප්‍රධාන වෛද්‍ය කෙවින් ලුවිස්, (Dr. Kevin Lewis) ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණා.
"පිරිමින් කාන්තාවන්ට වඩා රෝගී වන්නේ ඇයි? සමහර ජාතින් අනෙක් ජාතීන්ට වඩා රෝගී බවක් පෙනෙන්නේ ඇයි?"
ඔක්ලහෝමා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මේ දක්වා රෝගීන්ගෙන් 70.4% ක් සුදු ජාතිකයින් බව හෙළිදරව් වී තිබෙනවා.
වැඩිහිටි වයස් කාණ්ඩවල සිටින අය සහ පෙර පැවති තත්ත්වයන් තවමත් අවදානමට ලක්ව ඇති බව ද වෛද්‍යවරයා විසින් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට දිගින් දිගටම වෙනස් වන අතර සෑම විටම ශ්වසන රෝග සමඟ සම්බන්ධ නොවන බව ද සඳහන්.
වෛද්‍ය ලුවිස් පැවසුවේ සමහර විට ඒවා හෘද සංකූලතා, ශරීර කැක්කුම, උදරයේ ගැටළු, වමනය සහ උගුරේ අමාරුව පවා ඇතිවිය හැකි බවයි.
එමෙන්ම, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන පුද්ගලයින් ද වසංගතය තුළ හමුවීම අභිරහසක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
"කොවිඩ් 19 උණක් නෙවෙයි, එය ශිත කාලවලදී වඩාත් සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් සහිතයි.."
"අප දැනගන්න ඕනි දේ, මේක මෙච්චර ඉක්මනට බෝ වෙන්නෙ කොහොමද කියන එක?? වෛරසයේ පැවැත්ම දිගු වන්නේ, ඒක වාතයේ ජලබිඳිති ලෙස වැඩි කාලයක් පැවතීම හේතුවෙනුයි..."
"ඒකේ ආකෘති දිනපතාම පාහේ වෙනස් වෙමින් පවතිනවා.."
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)