ඇමරිකාව යළි විවෘත කිරීමට ජනපති ට්‍රම්ප් සූදානම් - කොරෝනා නිසා ජපානයේ හදිසි තත්ත්වයක්
Friday, 17 April 2020 - 8:13 | Views - 1,763
ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 145,458 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 21 81,110ක් ලෙස සටහන් වනවා.

ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව 34,614ක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ගත වූ පැය 24 තුළ තවත් කොරෝනා මරණ 2171ක් එක්වීමත් සමඟයි.

එරට මුළු ආසාදිත සංඛ්‍යාව 677,549ක් ලෙස සටහන් වනවා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු ඇමරිකාවේ ආර්ථික ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීම පිළිබදව මාර්ගෝපදේශ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

ඇමරිකාව යළි විවෘත කිරීම සඳහා වූ එම මාර්ගෝපදේශ යටතේ නිරෝධායන සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට ආණ්ඩුකාරවරුන්ට හැකි වනු ඇති.

ජනපති ට්‍රම්ප් සඳහන් කළේ අවදානම් තත්ත්වය අවම ඇතැම් ප්‍රාන්ත මැයි 1 වන දාට පෙරම විවෘත කළ හැකි වනු ඇති බවයි.

සිය සැලසුම් ප්‍රකාශයට පත් කරමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ කොරෝනා වෛරසයට එරෙහි ඇමරිකාවේ මීළඟ යුද්ධය ආර්ථිකය යළි විවෘත කිරීම බවයි.

රට වසා දැමීම දීර්ඝ කාලීන තිරසාර විසදුමක් නොවන බවයි ජනපති ට්‍රම්ප් පෙන්වා දුන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරස වසංගතයත් සමඟ මාර්තු මාසය මැද භාගය වනවිට ඇමරිකාවේ මිලියන 20 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද අනතුරු අඟවා ඇත්තේ ආසියාවට කොරෝනා වෛරසයෙන් පෙර නොවූ විරූ දරුණු බලපෑමක් ඇතිවිය හැකි බවයි.

කෙසේ නමුත්, කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇති බ්‍රිතාන්‍යයේ එම සීමාවන් අවම වශයෙන් තවත් සති 3ක් දීර්ඝ කිරීමට සිදුවන බව එරට විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් ඊයේ ප්‍රකාශ කළා.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබූ අගමැති බොරිස් ජොන්සන් තවදුරටත් විවේක ගනිමින් සිටින අතර ඔහු වෙනුවෙන් අගමැති ධුරයේ කටයුතු ආවරණ කරනු ලබන්නේ විදේශ අමාත්‍යවරයා විසින්.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට තාමත් කාලය උදා වී නොමැති බවයි.

මේ අතර, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ මූල්‍ය නගරය වන මුම්බායි ඇතුළු ප්‍රධාන නගර 06 ක් කොරෝනා වෛරස් රතු කලාප ලෙස නම් කර තිබෙනවා.

ආසාදන මට්ටම මත පදනම්ව වර්ණ ගැන්වූ ප්‍රදේශවලට ඉන්දියාව බෙදා වෙන් කිරීමට රජය පෙරේදා දිනයේ නිකුත් කළ මාර්ගෝපදේශන අනුවයි අදාළ නගර රතු කලාප ලෙස නම් කර ඇත්තේ.

එම මාර්ගෝපදේශන අනුව ඉහළ ආසාදන මට්ටමක් සහිත ප්‍රදේශ රතු කලාප ලෙසත්, ආසාදනය යම් මට්ටමකින් පවතින ප්‍රදේශ තැඹිලි පැහැයෙනුත්, ආසාදිතයන් නොමැති ප්‍රදේශ කොල පැහැයෙනුත් වර්ණ ගන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දියාව තුළ කොල පැහැයෙන් වර්ණ ගන්වා ඇති කලාප නොමැති බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 13,430 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනයේදී ද ඊට නව ආසාදිතයන් 1000කට වැඩි සංඛ්‍යාවක් එක්වුණා.

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 448ක් ලෙසයි සටහන් වන්නේ.

මේ අතර, මැයි 06 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ජපානයද රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පියවර ගත්තා.

මාසයක කාලයක් සඳහා ජපානයේ කලාප 07 කට පමණක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි මීට පෙර අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ කටයුතු කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top