ගංගාරාමයේ වෙසක් අරමුදලෙන් මිලියන 10ක් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට
Friday, 17 April 2020 - 7:07 | Views - 471
COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවා ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ ඊයේ දිනයේ එම අරමුදලට පරිත්‍යාග කෙරුණු රුපියල් මිලියන 48ක පරිත්‍යාග ද සමඟයි.
එහිදී ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10ක් ඊයේ මෙම අරමුදලට පරිත්‍යාග කළා.
මීට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.5ක මුදලක් ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමියන් විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපනය කෙරුණේ මාර්තු මස 23 වනදායි.
Share This Article