රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් අභාවප්‍රාප්ත වෙයි
Thursday, 16 April 2020 - 17:16 | Views - 492
ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද පස්වරුවේ ඔහු මියගොස් ඇත්තේ.
අභාවප්‍රාප්ත වන විට ඔහු 72 වන වියෙහි පසුවුනා.
අද පෙරවරු 10ට පමණ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ ශ්‍රී ලාල් අබේකෝන් පස්වරු 2ට පමණ මියගොස් තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර ඇති ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.
අප්පුවා නැමති ටෙලිනාට්‍ය චරිතයෙනුයි ඔහු වඩාත් ජනාදරයට පත්වුයේ.
Share This Article