වෙළඳ නෞකාවක සිටි රෝගී වූ ඉන්දීය ජාතිකයෙකු කොළඹ වරායට
Thursday, 16 April 2020 - 16:31 | Views - 804
ජාත්‍යන්තර වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී රෝගී වූ ඉන්දීය ජාතිකයෙකු නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා.

රෝගී වූ නාවිකයා රැගෙන ඒමට සහාය වන ලෙසට ජිබුටි ජනරජයේ ලියාපදිංචි මෙම නෞකාවේ දේශීය නියෝජිතායතනය ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි නාවික හමුදාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉන්දීය ජාතිකයා කොළඹ වරායට ගෙන්වාගෙන ඇත්තේ.

ඔහු අදාළ නෞකාව මගින් කොළඹ වරායට මුහුදු සැතපුම් 12ක් පමණ ආසන්නයට රැගෙන ඒමට දේශීය නියෝජිතායතනය කටයුතු කර තිබූනා.

පසුව එහි ළගාවූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ඨික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් රෝගී වූ ඉන්දීය ජාතිකයා සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගත් බවයි නාවික හමුදාව කියාසිටියේ.

පසුව ඔහු වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජයරණයකට ලක් කිරීමෙන් පසු ගිලන් රථයක් මගින් කොළඹ ජාතික රෝහල වෙත යොමු කෙරුනා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top