කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ රටවල් මේ වනවිට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔවුන්ගේ ප්‍රධාන අරමුණවී ඇත්තේ, සමාජ දුරස්ථබාවය රදවා ගැනීමටයි.
ඒ සදහා බොහෝ රටවල් පොලිස් ඇදිරි නීතිය මෙන්ම, රට සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි පියවර ගනු ලැබුවේ.
කෙසේ වෙතත් රජයේ පණිවුඩ නොතකා ජනතාව එක්රැස් වන ආකාරයක් ද දැකගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මේ අතර ඉන්දුනීසියාවේ ගම්මාන කිහිපයක අවතාර සැරිසන බවට එරටින් වාර්තා වනවා.
පසුගිය මාසයේ සිට මෙලෙස මෙම අවතාර ඉන්දුනීසියාවේ ගම්මානවල සැරිසරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
එරට වැසියන් අවතාරවලට "pocong" යනුවෙන් ව්‍යවහාරයේ භාවිත කරන බව ද සදහන්.
පොලිස් නිලධාරීන් හොල්මන් ලෙස ඇදගෙන ගම්මාන පුරා සැරිසරසන බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග පසුගිය මාසයේදී එරට සම්පූර්ණයෙන්ම වසා දැමුණා.
පොලිසියේ අණ නොතකා නිවෙස්වලින් පිටතට පැමිණෙන ජනවා බිය වද්දවා යළි නිවෙස් තුළ යැවීමට මෙම ක්‍රමය අනුගමන කරන බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
කෙසේ වෙතත්, එම ක්‍රියාමාර්ග තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි වූ බවයි රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙක් කියා සිටියේ.
මේ වනවිට එරට තුළින් කොවිඩ් 19, ආසාදනය වූවන් 5,136 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 423 ක්.

