ඉන්දුනීසියාවේ කොරෝනා මර්දනය කරන්න එළියට එන අවතාර
Thursday, 16 April 2020 - 15:45 | Views - 827
කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ රටවල් මේ වනවිට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
ඔවුන්ගේ ප්‍රධාන අරමුණවී ඇත්තේ, සමාජ දුරස්ථබාවය රදවා ගැනීමටයි.

ඒ සදහා බොහෝ රටවල් පොලිස් ඇදිරි නීතිය මෙන්ම, රට සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි පියවර ගනු ලැබුවේ.
 
කෙසේ වෙතත් රජයේ පණිවුඩ නොතකා ජනතාව එක්රැස් වන ආකාරයක් ද දැකගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
 
මේ අතර ඉන්දුනීසියාවේ ගම්මාන කිහිපයක අවතාර සැරිසන බවට එරටින් වාර්තා වනවා.
 
පසුගිය මාසයේ සිට මෙලෙස මෙම අවතාර ඉන්දුනීසියාවේ ගම්මානවල සැරිසරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
 
එරට වැසියන් අවතාරවලට "pocong" යනුවෙන් ව්‍යවහාරයේ භාවිත කරන බව ද සදහන්.
 
පොලිස් නිලධාරීන් හොල්මන් ලෙස ඇදගෙන ගම්මාන පුරා සැරිසරසන බවයි වාර්තා වන්නේ.
 
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග පසුගිය මාසයේදී එරට සම්පූර්ණයෙන්ම වසා දැමුණා.
 
පොලිසියේ අණ නොතකා නිවෙස්වලින් පිටතට පැමිණෙන ජනවා බිය වද්දවා යළි නිවෙස් තුළ යැවීමට මෙම ක්‍රමය අනුගමන කරන බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
 
කෙසේ වෙතත්, එම ක්‍රියාමාර්ග තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි වූ බවයි රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙක් කියා සිටියේ.
 
මේ වනවිට එරට තුළින් කොවිඩ් 19, ආසාදනය වූවන් 5,136 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 423 ක්.

Village in Indonesia Assigns Ghosts for Night Patrols - Sada El balad



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top