මේ දවස්වල මුහුණු පොතේ නිතරම වගේ හුවමාරු වෙන මේ ඡායාරූප පෙළ ඔබට හොඳින් මතක ඇති..
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය තදබල ලෙස පහර දෙමින් ඉන්න මොහොතක අසරණ සුනඛයින් දෙදෙනෙකුට පිහිට වෙන හමුදා නිලධාරින් කිහිප දෙනෙක් ගැනයි මේ සේයාරූ පෙළේ දක්නට ලැබෙන්නේ.
ඇත්තෙන්ම මේ සිද්ධිය වෙලා තියෙන්නේ බොලිවියාවේ.
බොලිවියාවට කොරෝනා භීතිය නිසා ඇඳරිය වැටුණු මොහොතක හමුදා නිලධාරින් කිහිප දෙනෙක්, ටුපීසා විදී හරහා ගමන් කරමිනුයි හිටියේ.
අන්ත අසරණ වෙලා, කුසගින්නේ අතරමං වෙලා හිටපු සුනඛයින් දෙදෙනා මේ නිලධාරින්ගේ වාහනය දැකලා ලුහුබැඳගෙන ඇවිත් තියනවා.
හමුදා නිලධාරින් ඒ මොහොතේ සිදුකළ උතුම් ක්‍රියාව හැමෝම පුදුම කරපු සිදුවීමක් බවට පත් වුණා.
සමාජ මාධ්‍ය පරිශිලකයින්, මේ ඡායාරූප-වලට විවිධ අන්දමේ ප්‍රතිචාර දක්වලා තිබුණා.
"ලස්සන ඡායාරූප පෙළක්. ඔවුන්ට මිනිසුන්ගේ ආදරය හැමවිටම අවශ්‍යයි..."
"නිරෝධායනය අතරතුරදී අසරණ සුනඛයින් දුක් විඳිනවා. මමත් ඒ වගේ සතුන් වෙනුවෙන් දොරකඩ කෑම හා ජලය තබා තිබෙනවා.."
"දැක්කද? සුනඛයින්ට ආදරේ ලැබුණා අන්තිමේදී. මම සතුටට පත්වුණා ඒක දකිනකොට..."
බොවියාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 441ක් වන අතර එරට පුද්ගලයින් 29 දෙනෙකු වෛරසය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)



