බුකිය සංවේදී කරමින් හුවමාරු වූ, ඡායාරූප පෙළක ඔබ නොදන්න කතාව
Thursday, 16 April 2020 - 14:54 | Views - 862
මේ දවස්වල මුහුණු පොතේ නිතරම වගේ හුවමාරු වෙන මේ ඡායාරූප පෙළ ඔබට හොඳින් මතක ඇති..
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය තදබල ලෙස පහර දෙමින් ඉන්න මොහොතක අසරණ සුනඛයින් දෙදෙනෙකුට පිහිට වෙන හමුදා නිලධාරින් කිහිප දෙනෙක් ගැනයි මේ සේයාරූ පෙළේ දක්නට ලැබෙන්නේ.

ඇත්තෙන්ම මේ සිද්ධිය වෙලා තියෙන්නේ බොලිවියාවේ.
 
බොලිවියාවට කොරෝනා භීතිය නිසා ඇඳරිය වැටුණු මොහොතක හමුදා නිලධාරින් කිහිප දෙනෙක්, ටුපීසා විදී හරහා ගමන් කරමිනුයි හිටියේ.
 
අන්ත අසරණ වෙලා, කුසගින්නේ අතරමං වෙලා හිටපු සුනඛයින් දෙදෙනා මේ නිලධාරින්ගේ වාහනය දැකලා ලුහුබැඳගෙන ඇවිත් තියනවා.
 
හමුදා නිලධාරින් ඒ මොහොතේ සිදුකළ උතුම් ක්‍රියාව හැමෝම පුදුම කරපු සිදුවීමක් බවට පත් වුණා.
 
සමාජ මාධ්‍ය පරිශිලකයින්, මේ ඡායාරූප-වලට විවිධ අන්දමේ ප්‍රතිචාර දක්වලා තිබුණා.
 
"ලස්සන ඡායාරූප පෙළක්. ඔවුන්ට මිනිසුන්ගේ ආදරය හැමවිටම අවශ්‍යයි..."
 
"නිරෝධායනය අතරතුරදී අසරණ සුනඛයින් දුක් විඳිනවා. මමත් ඒ වගේ සතුන් වෙනුවෙන් දොරකඩ කෑම හා ජලය තබා තිබෙනවා.."
 
"දැක්කද? සුනඛයින්ට ආදරේ ලැබුණා අන්තිමේදී. මම සතුටට පත්වුණා ඒක දකිනකොට..."
 
බොවියාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 441ක් වන අතර එරට පුද්ගලයින් 29 දෙනෙකු වෛරසය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top