කෙසෙල්වත්තේ නිවාස 58ක් හුදකලා කෙරේ
Thursday, 16 April 2020 - 13:39 | Views - 4,526
ජාතික රෝහලේදී කොරෝනා රෝගියෙකු බවට ඊයේ තහවුරු වූ කාන්තාවට එම වෛරසය වැළඳී ඇති බවට හෙළිවූයේ ඇය ඉන්දියාවට ගොස් මෙරටට පැමිණ දින 33කට පසුව බව පොලීසිය පවසනවා.

කෙසෙල්වත්ත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය මෙරටට පැමිණි පසු පොලීසියේ ලියාපදිංචි වී දින 14ක කාලයක් නිවසේ  නිරෝධායනයට ද ලක්ව ඇති බවයි.

59 හැවිරිදි මෙම කාන්තාව කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරිණියක්.

නුගේගොඩ ප්‍රදේශයේ වන්දනා චාරිකා සඳහා පුද්ගලයින් රැගෙන යන ආයතනයක් හරහා පසුගිය පෙබරවාරි මස 29 වැනිදා මෙම කාන්තාව සිය ස්වාමි පුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා සමඟ දඹදිව වන්දනාවේ ගොස් නැවත දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මස 12 වනදායි.

කෙසේ වෙතත්, ඊයේ උදෑසන තමන් අසනීප තත්ත්වයකින් පසුවන බවට එම කාන්තාව කළ දැනුම්දීමකින් අනතුරුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඇගේ නිවසට ගොස් තිබූ බවයි කොළඹ මහ නගර සභාවේ දිසා අංක 2 භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම්.ටී. හේරත් කියා සිටියේ.

මේ වනවිට මෙම කාන්තාව සමඟ වන්දනා චාරිකාවට එක්වූ ඇගේ සැමියා, වැඩිමහල් පුත්‍රයා  මෙන්ම අනෙක් පුතුන් දෙදෙනා ද රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, වැඩිමහල් පුත්‍රයාට කළ පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු  වුණා.

මෙම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බවට හෙළිවීමත් සමඟ ඇගේ නිවස පිහිටි කෙසෙල්වත්ත,  බණ්ඩාරනායක ප්‍රදේශයේ නිවාස 58ක් හුදකලා කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top