මාරාන්තික කොරෝනා ජයගත් 106 හැවිරිදි යකඩ ගැහැණිය
Thursday, 16 April 2020 - 13:01 | Views - 825
කොරෝනා වෛරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නගර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 106 හැවිරිදි වියෙහි පසුවන බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සම්පුර්ණ සුවය ලබා ඊයේ (14දා ) රෝහලින් නික්ම ගොස් තිබේ.
 
කොනි ටිට්චෙන් නමැති මෙම මී මිත්තණිය මෙසේ රෝහලින් මුදා හැර ඇත්තේ සති තුනක කාලයක් කොරෝනා වෛරස් ආසාදනය සඳහා ප්‍රතිකාර ලැබීමෙන් පසුව බව බී බී සී පුවත් සේවය පවසයි.

විශ්‍රාමික සාප්පු සේවිකාවක වන ටිට්චෙන් මහත්මිය බ්‍රිතානයේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබු වයස්ගතම කෙනා සේ සැළකුණද මෙතෙක් නිකුත් කර ඇති කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ වයස්ගතම පිරිසගේ ලැයිස්තුවේ සිටින සියලු දෙනා ඇයට වඩා වයසින් බාල වීම නිසා ටිට්චෙන් මහත්මිය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ලොව වයස්ගතම කාන්තාව විය හැකි බවටද මත පළ වී තිබේ.
 
බර්මිංහැම් නගරයේ පදිංචිව සිටින ටීට්චෙන් මහත්මිය නිවුමෝනියා උණ බවට සැක කෙරෙන උණ රෝගයකින් පෙළීම හේතුවෙන් මාර්තු මැද භාගයේදී රෝහල්ගත කර තිබේ .ඇය රෝහල්ගත කිරීමෙන් පසුව වෛරසයට එරෙහිව හොඳින් සටන් කළ බවත් එයට හේතු වන්නට ඇත්තේ ඇය සැබෑ ජීවිතයේ ක්‍රියාශීලී කාන්තාවක් වීම විය හැකි බව ටිට්චෙන් මහත්මිය ප්‍රතිකාර ලැබූ බර්මිංහැම් රෝහලේ පාලනාධිකාරය පවසයි.
 
රෝහල් කාර්යමණ්ඩලයේ අත් පොළසන් නාදය මැද සුවය ලබා රෝහලින් නික්ම යන අවස්ථාවේ ටිට්චෙන් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ තමාට තම පවුලේ සාමාජිකයින් දකින තෙක් ඉවසුම් නැති බවයි.
 
ටිට්චෙන් මහත්මියගේ මිනිබිරියක වන ඇලෙක්ස් ජෝන්ස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සිය මිත්තණිය සැබෑ ජීවිතයේ ක්‍රියාශීලී චරිතයක් බවත් ඇය නර්තනයට ,පාපැදි ධාවනයට හා ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන බවයි ."ඇය ඉවුම් පිහුම්වලටත් දක්ෂයි .ඒ වගේම මැක්ඩොනල්ඩ් අවන්හලෙන් ආහාර ගන්න ඇය කැමතියි .එත් මේ දිනවල එම අවන්හල් වසා දමා ඇති බව ඇය තවම දන්නේ නැහැ " ඇලෙක්ස් කීවාය.
 
"මගේ මිත්තණිය දිගු කාලයක් ජීවත් වීමේ රහස ඇය ක්‍රියාශීලී හා නිදහස් කාන්තාවක් වීම විය යුතුයි. ඇය පසුගිය දෙසැම්බර් මාසයේ උකුල් අස්ථියෙහි සැත්කමකට ලක් වුවත් සැත්කමෙන් දින 30කට පසුව ඇය නැවත පෙර සේ ඇවිදීමට පටන් ගැනීම මෙයට හොඳ උදාහරණයක් යැයි " ඇලෙක්ස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
 
දිවයින - ඒමන්ති මාරඹේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top