කොරෝනා වැළඳුණු ගැබිණි හෙදියක්, සියල්ලන් කම්පා කරමින්, නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය හැටි
කොරෝනා වෛරසයෙන් ලෝකයම තැති ගැන්විලා ඉන්න මොහොතක දිනපතා ලොව වටා වැඩි වශයෙන් කොරෝනා ආසධිතයින් මෙන්ම අසාධනය වූ රෝගීන්ගේ මරණ දකින්න ලැබෙනවා. ඒ අතර ලෝකයේ බොහෝ රටවල වෛද්‍යවරු මෙන්ම හෙදියන් සෞඛ්‍ය කාර්යමණ්ඩල නිලධාරීන් මිය යන බවත් දිනපතා වාර්තා වෙනවා.
Mary Agyeiwaa Agyapong කියන්නේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයට (National Health Service) අනුබද්ධිත රෝහලක් වන Luton and Dunstable University රෝහලේ වර්ෂ 5ක් සේවය කළ හෙදියක් කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ඇය ඒවනවිට ගැබිණි මවක්. වෛරසයෙන් මිය යාමට මොහොතකට පෙර වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමකින් ඇයගේ කුසේ සිටි නොමේරූ දැරියට ජීවිතය ලබා දී තිබෙනවා.
ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තවම තහවුරු වී නොමැති බවත් දැරිය ඉතා සුවයෙන් නිරෝගිව දැනට සිටින බවත් රෝහල් බලධාරීන් මාධ්‍යට සදහන් කර තිබෙනවා. ඇයගේ සැමියා Mary Boateng වන අතර ඔහුටද තවම කොරෝනා ආසාධනය වී නොමැති බවයි සදහන් කරන්නේ. මේ වනවිට එම රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ 45 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී මිය ගොස් තිබෙන බවත් විදෙස් පුවත් වැඩිදුරටත් සදහන් කරයි.

