ගතවූ පැය 24 තුළ ප්‍රංශයේ කොරෝනා මරණ 1,438 ක්
Thursday, 16 April 2020 - 11:29 | Views - 1,247
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 1,438 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එරටින් නව ආසාදිතයන් 4,560 ක් හමුවී ඇති බවයි. මේ වනවිට ප්‍රංශයේ 17,167 දෙනෙකු මියගොස් ඇති අතර, වෛරසය ආසාදිත වී ඇති මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 47,863 ක්.
ස්පාඤ්ඤයේ ගතවූ පැය 24 තුළ මරණ 557 ක් වාර්තාවන අතර, ඉතාලියේ නව මරණ සංඛ්‍යාව 578 ක්. ලොව පුරා මේ වනවිට කොරෝනා වෛරසයෙන් පුද්ගල මරණ එක්ලක්ෂ 34,616 ක් වාර්තාවන අතර, ආසාදිතයින් සංඛ්‍යාව විසි ලක්ෂ 83,304 ක්.
ඒ අතුරින් පන්ලක්ෂ 10,341 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
Share This Article