මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දෛනික වැඩකටයුතු සිදුකරන ආකාරය පිළිබඳ දැනුම් දීමක්
නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
නිවසේ සිට රාජකාරි කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුගතව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක වශයෙන් සහ අදාළ කාර්ය පටිපාටිවලට අනුව වගකීම දරණ නිලධාරීන්ගේ දුරකථන අංක ඔස්සේ සේවාලාභීන්ට අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාගැනීමට හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් සඳහන් කළේ.
ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් සියලූම නියෝජ්‍ය කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන්ගේ නම් සහ දුරකථන අංක ඇතුළත් නාමලේඛනයක් නිකුත් කර තිබෙනවා.

