නිරෝධායනයට පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථ දෙකක් ලොරියක ගැටීමෙන් එක් අයෙක් මරුට - 29කට තුවාල - Video
Thursday, 16 April 2020 - 8:47 | Views - 1,564
වරකාපොළ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් එක් අයෙකු මියගොස් තවත්  29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ පස්වරු 4.50ට පමණ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තැපැල් කාර්යාලය අසලදීයි අනතුර සිදුවී ඇත්තේ.

නිරෝධායන කටයුතු සඳහා පුද්ගලයන් පිරිසක් සාම්පූර් දක්වා රැගෙන යමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථ දෙකක කොළඹ දෙසට ධාවනය වූ එලවළු  රැගත් ලොරියක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් ඇතුලත් කර ඇත්තේ වරකාපොළ රෝහලටයි.

මියගොස් ඇත්තේ එලවළු ප්‍රවාහනය කළ ලොරියේ රියදුරා බව සඳහන්.

තුවාලකරුවන් අතර නාවික හමුදා සෙබලුන් තුන් දෙනෙකු ද වනවා.

සිද්ධිය පිළිබඳ වරකාපොළ පොලිසියයි විමර්ශණ  සිදු කරන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top