ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව වෙත පොලිසියෙන් දැනුම් දීමක්
Thursday, 16 April 2020 - 8:13 | Views - 1,244
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව එම කාලය තුළ අවුරුදු උත්සව පැවැත්වීමෙන් හෝ නෑගමන් යාමෙන් වළකින ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදි ගෙන කඩිනමින් ජනතාව නිවෙස් වෙත යාම ඉතා වැදගත් බවයි.
මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරය වෙත පැමිණෙමින් සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු හරිෂ් කුමාර සඳහන් කළේ.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවද උදෑසන සිටම නගරය කරා පැමිණෙමින් සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියේ.
Share This Article