අද සවස 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
Thursday, 16 April 2020 - 7:54 | Views - 525
අද (16) සවස 2 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල මිලිමීටර 50-75 ත් අතර වැසි ඇති වන බවයි සඳහන් වන්නේ.
මේ අතර සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article