දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය අද පැය 10කට ලිහිල් කෙරේ
Thursday, 16 April 2020 - 7:52 | Views - 785

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාපය ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද පැය 10 ක කාලයක් සඳහා තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනවා.
එම දිස්ත්‍රික්කවල අද උදෑසන හයට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය සවස 04 ට යළි පැනවෙනු ඇති.
එලෙස පැනවෙන ඇඳිරි නීතිය මේ මස 20 උදෑසන හය තෙක් බලපැවැත්වෙනවා.
එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය යලි පැනවීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවද එහි දැක්වෙනවා.
ඒ හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.
එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
Share This Article