දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීම වෙනුවෙන් පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ගැන ජනපතිගේ විමසුමට
Wednesday, 15 April 2020 - 16:30 | Views - 3,578

දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීම වෙනුවෙන් පළාත් මට්ටමින් දෛනික කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමසීමක් සිදුකර තිබෙනවා.
පළාත් මට්ටමින් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා.
දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සිය පළාත්වල වත්මන් තත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී ඇත්තේ.
පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීමට තීරණය කරනු ඇති.
දෛනික වේතනලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ද ප්‍රධාන අරමුණක්.
එක් එක් පළාත්වල කොරෝනා වෛරස ආසාධිතයන් ළඟින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය ද දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරුනු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
එමෙන්ම දෛනිකව සිදු කෙරෙන රෝගීන් හඳූනා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරුනා.
නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්වය සහ කළ යුතු වෙනස්කම් ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසීමට ලක්වී තිබෙනවා.
ලොව සෙසු රටවල් හා සැසඳීමේ දී කොරෝනා වෛරසය මර්දනයට රජය ගත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බවයි පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ.
Share This Article