තහංචි ලිහිල් කිරීමට ඉක්මන් නොවිය යුතු බව රජයේ වෛද්‍යවරුන් කියයි
Wednesday, 15 April 2020 - 16:05 | Views - 5,269
මේ වනවිට සමාජ දුරස්ථකරණය ඉලක්ක කරගනිමින් පනවා ඇති සීමා කිරීම් විද්‍යානුකූල පදනමක් මත පමණක් ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොවිඩ් - 19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් රට තුළ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පෙන්වා දෙන පරිදි පැනවූ තහංචි ලිහිල් කිරීම සඳහා හදිසි නොවිය යුතු බවයි.
එක්වරක් පමණක් පරීක්ෂාවට ලක් කර රෝගීන් නොවන බවට ප්‍රකාශ වන පුද්ගලයන් නැවත නැවත පරීක්ෂණවලට ලක් නොකර සමාජයට මුදාහැරීම මේ මොහොතේ ඉතා භයානක බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එමඟින් සඳහන් කළා.
එසේම තහංචි ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ පූර්ව අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
Share This Article