ලෝකයේම අවධානය යොමු වූ, සති දෙකකින් චීනයේ හදපු රෝහල හදිසියේ වසා දැමුවේ ඇයි? හේතුව මෙන්න
චීනය තුළ කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීමත් සමග සති දෙකක කාලයක් තුළ ඉදිකළ ලයිෂෙන්ෂාන් රෝහල මේ වනවිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍යය වාර්තා කියා සිටියේ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගීයාත් සුවය ලබා ඉන් පිටවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.
අදාළ රෝහල ඉදි කිරීමට වූහාන් ප්‍රාන්තයේ සිටි කම්කරුවන් 15,000 ක් පමණ එක්වුණා.
චීනය තුළ දරුණු ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමගම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහායි මෙම රෝහල ඉදිකරනු ලැබුවේ.
එහි ඇදන් 1,500 කින් සමන්විත වූ බව සදහන්.
අදාළ රෝහලට පළමු රෝගීයා ඇතුළත් කරගනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි 8 වනදායි.
කෙසේ වෙතත් පසුගිය අගහරුවාදා එහි ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගීන් සිව් දෙනා වූහාන් නගරයේ පිහිටි ස්ථිර රෝහලකට මාරු කර යැවීමටයි කටයුතු කළේ.
මොවුන් සිව් දෙනාගෙන් තිදෙනෙකුම වයස අවුරුදු 70 ට වැඩි පිරිස් බවත්, ඔවුන් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මේ දක්වා අදාළ රෝහල තුළ, රෝගීන් 2,011 කට ප්‍රතිකාර ඇති බව සදහන්.
පසුගිය බදාදා දින රෝහල සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කර තිබෙනවා.
මේ අතර සති 11කට පසුව කිසිදු අවසරයකින් තොරව වූහාන් ප්‍රාන්තයේ මිලියන 11ක පදිංචිකරුවන්ට පිටත නගර වෙත යාමට අවසර ලැබි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.


