ලෝකයේම අවධානය යොමු වූ, සති දෙකකින් චීනයේ හදපු රෝහල හදිසියේ වසා දැමුවේ ඇයි? හේතුව මෙන්න
Wednesday, 15 April 2020 - 14:58 | Views - 1,030
චීනය තුළ කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීමත් සමග සති දෙකක කාලයක් තුළ ඉදිකළ ලයිෂෙන්ෂාන් රෝහල මේ වනවිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍යය වාර්තා කියා සිටියේ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගීයාත් සුවය ලබා ඉන් පිටවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ රෝහල ඉදි කිරීමට වූහාන් ප්‍රාන්තයේ සිටි කම්කරුවන් 15,000 ක් පමණ එක්වුණා.
 
චීනය තුළ දරුණු ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමගම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහායි මෙම රෝහල ඉදිකරනු ලැබුවේ.
 
එහි ඇදන් 1,500 කින් සමන්විත වූ බව සදහන්.
 
අදාළ රෝහලට පළමු රෝගීයා ඇතුළත් කරගනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි 8 වනදායි.
 
කෙසේ වෙතත් පසුගිය අගහරුවාදා එහි ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගීන් සිව් දෙනා වූහාන් නගරයේ පිහිටි ස්ථිර රෝහලකට මාරු කර යැවීමටයි කටයුතු කළේ.
 
මොවුන් සිව් දෙනාගෙන් තිදෙනෙකුම වයස අවුරුදු 70 ට වැඩි පිරිස් බවත්, ඔවුන් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
මේ දක්වා අදාළ රෝහල තුළ, රෝගීන් 2,011 කට ප්‍රතිකාර ඇති බව සදහන්.
 
පසුගිය බදාදා දින රෝහල සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කර තිබෙනවා.
 
මේ අතර සති 11කට පසුව කිසිදු අවසරයකින් තොරව වූහාන් ප්‍රාන්තයේ මිලියන 11ක පදිංචිකරුවන්ට පිටත නගර වෙත යාමට අවසර ලැබි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top