කොවිඩ් 19 හමුවේ පීඩාවට පත් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන රැසක්
Wednesday, 15 April 2020 - 13:54 | Views - 4,249
කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමඟ විදේශ රැකියාවල නිරත වී සිටින විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධව මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබෙනවා.

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි එම කාර්යාංශයේ නිවේදනය කරන්නේ.

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මඟින් වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ.

එම විදේශ දූත මණ්ඩල 16ක පිහිටි කම්කරු සුභසාධන අංශ අතරට අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්,මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව අයත්.

මේ අතර කොරෝනා වෛයිරසයෙන් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ආරක්ෂා කිරිම සඳහා මුඛ ආවරණ, අත් සේදුම්කාරක ඇතුළු පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය ලබාදීමට විදේශ දූත මණ්ඩල 16ක කම්කරු අංශ මඟින් කටයුතු කර තිබෙනවා.

තවද මෙරට විශේෂඥ වෛද්‍යවරයකු සමඟ පැවැත්වු සම්මුඛ සාකච්ඡා මාලාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුහුණුපොත හරහා ප්‍රචාරය කිරිම මඟින් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයිට වෛයිරසයෙන් ආරක්ෂා විමට ගත හැකි උපදෙස් ලබාදී ඇති බව එම කාර්යාංශය පවසනවා.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විදේශ දූත මණ්ඩලවල පිහිටි කම්කරු අංශයන්හි ක්ෂණික ඇමතුම් අංක හදුන්වාදීම මඟින් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වෛයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී ඇති අතර සියලුම කම්කරු අංශ නිලධාරින් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරින් සම්බන්ධවන පැය 24 පුරා ක්‍රියාත්මක whatsApp සමුහ කණ්ඩායමක් ( whatsApp Group ) ආරම්භකර එමඟින් තොරතුරු ලබාගැනීම, පැමිණිලි ලබාගැනිම හා සන්නිවේදනය කිරීම සාර්ථකව සිදුකිරීම නිසා ශ්‍රමිකයින්ගේ ගැටළු රැසකට මේ වන විටත් ක්ෂණිකව විසඳුම් ලබාදී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top