රුපියල් පන්දහසේ දීමනාව ත්‍රිරෝද රථ සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන රියදුරන්ටත්
Wednesday, 15 April 2020 - 13:52 | Views - 1,005
කොරෝනා වෛරසය පැතිර යාමත් සමග නිසි ආදායමක් නොමැතිව අසරණව සිටින පිරිස් වෙත රජය ලබාදීමට තීරණය කර ඇති රුපියල් 5000 ක දීමනාව, ත්‍රිරෝද රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ට ද ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
එම පිරිස් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන ඇති බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, කියා සිටියේ.
මීට පෙර පෞද්ගලික බස් රථ හා කොන්දොස්තරවරුන්ට ද මෙම දීමනාව ලබාදීමට රජය කටයුතු කළා.
Share This Article