හුදෙකලා කෙරුණු මන්නාරම - තාරපුරම් ප්‍රදේශය යළි යථා තත්ත්වයට
Wednesday, 15 April 2020 - 10:52 | Views - 546
කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ හුදෙකලා කෙරුණු මන්නාරම - තාරපුරම් ප්‍රදේශය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට අකුරණ නගරය, බේරුවල, පන්නිල සහ චීනකොටුව තවදුරටත් හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
මේ අතර, පුනානි නිරෝධායන කඳවුරේ සිටින පුද්ගලයින් 788 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර තවත් 78 දෙනෙකු අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කෙරෙනු ඇති.
Share This Article