කොරෝනා මැද දකුණු කොරියානු මහමැතිවරණය අද
Wednesday, 15 April 2020 - 10:15 | Views - 657
කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දකුණු කොරියානු මහමැතිවරණය අද පැවැත්වෙනවා.
එරට මන්ත්‍රී ආසන 300ක් වෙනුවෙන් පක්ෂ 35ක නියෝජිතයින් තරඟ වැදීමට නියමිතයි.
කෙසේ වෙතත්, ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණිය යුතු බවටයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
මුව ආවරණ භාවිතය, මීටරයක පරතරයක් දෙදෙනෙකු අතර පවත්වා ගැනීම, විෂබීජහරණය සිදුකිරීම, උෂ්ණත්වය නියමිත පරිදි පවතිනවා ද යන්න පිළිබදව පරීක්ෂණ පැවැත්වීම මෙන්ම අත් ආවරණ පැළදීම ද අනිවාර්ය කර තිබෙනවා.
එලෙස නොවන්නේ නම්, ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
Share This Article