ප්‍රේම සම්බන්ධයක් නිසා ඇතිවූ ආරවුල, බෑණා අතින් මාමාගේ ජීවිතය බිළිගෙන අවසන් වෙයි
Wednesday, 15 April 2020 - 9:38 | Views - 1,188
මහඔය පොලිස් වසමේ, ‍69 හංදිය ප්‍රදේශයේ දී ඇති වු පුද්ගලික ‍ආරවුලක් හේතුවෙන් ඊයේ (14) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතවක් හේතුවෙන් මරණකරු සහ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව කෝපයට පත් ප්‍රධාන සැකකරු සිය සහෝදරයා ද සමඟ පැමිණ කොටන තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මහඔය පොලිසිය පැවසුවේ.

මහඔය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු මෙලෙස වෙඩි තබා ඇත්තේ සිය මවගේ සහෝදරයාට බවයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහුගේ 22 හැවිරිදි සහෝදරයා ද සිද්ධියට සම්බන්ධයෙන් අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව මහඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඔවුන් හෙට (16) දිනයේදී දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (15) සිදුකිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top