කොරෝනා ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවධානම උපරිම මට්ටම පසුකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි
Wednesday, 15 April 2020 - 8:44 | Views - 6,430
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙරට තුළ පර්යේෂණ සිදුකරන විශේෂඥයින් පවසන ආකාරයට මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානම උපරිම මට්ටම පසු කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන නොගියහොත් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවයි.
මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 233 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ පමණක් නව රෝගීන් 15 දෙනෙකු සොයා ගනු ලැබූ අතර ඔවුන් බහුතරයක් නිරෝ්ධායන මධ්‍යස්ථාවල රදවා සිටි අය බවයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
Share This Article