කොරෝනා නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි තීරණයක් ගනී
Wednesday, 15 April 2020 - 8:21 | Views - 877
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම නතර කරන ලෙසට සිය පරිපාලනයට උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය දිනෙක ඇමරිකානු ජනාධිපතිවරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් කියා සිටියේ, "ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයේ ගැත්තෙකු" බවට පත්ව ඇති බවයි.
එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය, වෛරසයේ බරපතලකම දැන දැනත් එය වසං කළ බවටද ට්‍රම්ප් චෝදනා කර තිබුණා.
Share This Article