අද දිනයේ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක්
Wednesday, 15 April 2020 - 7:00 | Views - 645
අද (15) දිනයේදී සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) පස්වරු 2.00 න් පමණ පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල මිලි මීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article