ඩාර්ලි පාරේ සිද්ධියට වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවයි
Tuesday, 14 April 2020 - 19:05 | Views - 1,173
කොළඹ ඩාර්ලි පාර ප්‍රදේශයේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකුට අත් දෙක මාරු කර සිය දෙකන්වලින් අල්ලා කිහිපවරක් නැගිට වාඩිවීමට නියෝග කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්කළ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ අද පැවති ප්රවෘත්ති සාකච්චාවට එක්වෙමින්.
කෙසේ වෙතත් සිදුකළ විමර්ශනවලදී එම නිලධාරීන් චේතනාන්විතව වරදක් සිදුකර නොමැති බව අනාවරණ වීම හේතුවෙන් මෙලෙස ඔවුන් යළි සේවයේ පිහිටුවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස යළි සේවයේ පිහිටුවා ඇත්තේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුයි.
Share This Article