අවුරුදු උදාව සමගම රටම කම්පා කරවූ දරුවන් දෙදෙනාගේ ඝාතනයේ සුළමුල එලියට
Tuesday, 14 April 2020 - 17:21 | Views - 371
වාලච්චේන ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවෙකු ලිඳකට දමා ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ පියා බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම දරුවන් දෙදෙනාගේ පියා මේ වනවිටත් පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි.
මෙලෙස මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 10ක් වන අතර ගැහැණු දරුවාගේ වයස අවුරුදු 07 ක් බවයි වාර්තාවන්නේ.
වාලච්චේන පොලිස් වසමේ මාවඩිචේන ප්‍රදේශයේ නිවසක දරුවන් දෙදෙනෙකු ලිඳකට දමා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.
වාලච්චේන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article