කොරෝනාවෙන් බැට කෑ ඇමරිකාවට ටොනේඩෝ හානි
Tuesday, 14 April 2020 - 14:02 | Views - 1,509
කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තවලට බලපෑ ප්‍රචන්ඩ ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම ටොනේඩෝ සුළි සුළං 2014 වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඇමරිකාවට බලපෑ දරුණුතම ටොනේඩෝ සුළි සුළං ප්‍රවාහය ලෙසයි සැලකෙන්නේ.
පාස්කු ඉරිදා දිනයේ ඇති වූ මෙම ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් ලුවිසියානා, ටෙක්සාස්, මිසිසිපි, ඇලබාමා, ජෝජියා සහ කැරොලයිනා ප්‍රාන්තවලට විශාල හානියක් සිදුව තිබෙනවා.
ඒවායේ නිවාස දහස් ගණනක් කැඩී බිදී ගොස් ඇති අතර, ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිට තිබෙනවා.
Share This Article