ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් අල්ලන්න, පොලීසිය සිවිල් ඇඳුමෙන්
Tuesday, 14 April 2020 - 13:16 | Views - 723
අද සහ හෙට දින දෙකෙහි දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.
ඒ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණෙන්.
මේ අතර, අද උදෑසන 6න් අවසන් වූ ගෙවුණු පැය 24ක කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1600 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 26,600ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට අමතරව වාහන 6799ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article